ජනාවාසය යනු කුමක් ද?
ජනාවාසය ජනයා වාසය කරන ස්ථානයයි.පරිසරයේ කටුක බවින් මිදිමටත් වන සතුන් හා සතුන්ගෙන් ආරක්ෂා විමටත් ගොඩ නැගුණ ඒකකය ජනාවාසයක් වෙි.ජනාවාසයට ස්වභාවික පරිසරයත් මිනිසාත් මිනිසා විසින් ගොඩ නගන ලද සියල්ලමත් අයත් වෙි. දඩයක්කාරයින් එක් රැයක් ගත කරන ගල් ගුහාව ද එඩෙරුන්ගේ කුඩාරමි ද ගොවින්ගේ ස්ටිිිර ගෙවල් ද ජනාවාසය වෙි.එමෙන්ම මිනිසුන් තාවකාලිකව කෙටි කලකට වාසය පිණිස තනනු ලබන ගෙවල්වල සිට කුඩාගමි,කුඩා නගර,නගර හා නගර යාය ආදී සියල්ල ජනාවාසය වෙි.
ජනාවාසයක මුලිකංග(සංරචක)
ජනාවාසයක මුලික අංග පහක් ඇති බව පිළිගැනේ.1. මිනිසා- මිනිසෙක් සහ තමන්ගේ පවුල හෝ කණ්ඩායම්
2. සමාජය- මිනිසාගේ එදිනෙදා චර්යාවන් සහ අන් පුද්ගලයන් සමග ඇති කර ගන්නා සමිබන්ධතා
3. ස්වභාවික පරිසරය- කාලගුණය,දේශගුණය ,භුවිෂමතා,භුමිය ,,ජල වහන රටා,ස්වභාවික වෘක්ෂලතා ,සතුන්.
4. ආවරණ - නිවාස,ගබඩා,කමිහල්,වෙළඳ සැල්,රෝහල් ,පාසල් ඇතුළු ගොඩනැගිලි.
5. දැලිස් හෙවත් ජාල රටා - මාර්ගජාල,ජලවහන හා ජලාප්‍රවාහන ක්‍රම,විදුලිබල සැපයුම ,පණිවිඩ හුවමාරු
ජනාවාස වර්ග
1. අස්ටිිිර ජනාවාසය සහ ස්ටිිිර ජනාවාසය
අස්ටිිිර ජනාවාසය තාවකාලික ජනාවාසයි.ලංකාවේ කතරගම ආදී විවිධ තැන්වල එම ජනයා තාවකාලික ජනාවාසය (කුඩාරමි )තනා ගනිති.
ස්ටිිර ජනාවාසය යනු ස්ටිිිර ලෙස පදිංචිකරුවන් නිවාස තනාගැනීමයි.ආසියාතික රටවල වි වගා බිමි ආදී ස්ටිිිර ගමි .
2.ආකිිර්න ජනාවාසය හා විකිිර්න ජනාවාස
- ආකිිර්න ජනාවාස
නිවාස හා වෙනත් ගොඩනැගිලි ඒකරාශි වි තිබෙන නිසා මෙවැනි ජනාවාසය වලට න්‍යෂ්ටික ජනාවාසය හෙවත් "පොකුරු ගමිමාන"යන නම ද ලැබි තිබෙි.
ආකීර්ණ ජනාවාසය වල විවිධ ස්වරූප
නිහඬ ජනාවාස
මෙවැනි ජනාවාසවල හර ප්‍රදේශයක් හෝ නාභියක් හෝ දක්නට නැත.ගෙවතු හා ගෙවල් ගම පුරාම තැනින් තැන විසිරී පවතී.ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ මෙවැනි ජනාවාස බහුල වෙි.ගංගා සහ ඇළ දොළ දෙපස,කුඹුරු අසල වගා බිමි හා ගෙවල් මිශ්‍රව පවතී.මෙම නිවාස වලට ළඟා වීමට ඇති පටු පාරවල් ''අඳ මාර්ග"(Blind Alleys)ලෙස හදුන්වයි.
සවිධි ජනාවාස
ජනාවාසවල නිවාස ගෙවතු ගොවිබිම් වර්ග ආදිය ක්‍රමානුකූලව පිහිටා ඇත්නම් ඒවා සවිධි ජනාවාස වෙි.මෙිවා ප්‍රජාවගේ සාමුහික තීරණයක් නිසා හෝ පාලකයින්ගේ තීරණයක් අනුව බිහිවෙි.
1.නාභිගත ජනාවාස
මාළිගාවක්,පල්ලියක්,කෝවිලක්,තණ පිටිටනියක් කේන්ද්‍ර කොටගෙන නිවාස සාදා ඇති විට නාභිගත ස්වරූපයකී.යුරෝපයේ රටවල මෙවැනි ජනාවාස බහුලව පැවතුණි.
2.රේඛීය ජනාවාස
මහා මාර්ග ,ඇළ මාර්ග,විල් හෝ මුහුදු තෙර,පටු නිමින දිගේ නිවාස හා වෙනත් ගොඩනැගිලි පේළියට විහිදෙන විට ඒවා රේඛීය ජනාවාස ලෙස හදුන්වනු ලබයි.පේළි ගමි,මාර්ග ගමි ,දමිවැල් ගමි ආදී නමි වලින් ද හැදින්වෙි.සැළැස්මක් ඇතිව නොමැතිව හෝ ලෝකයේ බොහෝ මාර්ග දෙපස රේඛීය ජනාවාස දක්නට ඇත.
3.සැළසුම් කළ ජනාවාස
විවිධ රටවල මාර්ග ජාල සහිත සැලසුම් කළ ජනාවාස ඇත.ශ්‍රී ලංකාවේ මහවැලි සංවර්ධන ප්‍රදේශයේ C කලාපය සහ Hකලාපය තුළ සැලසුම් කළ න්‍යෂ්ටිගත ජනාවාස ඇත.ගිරාදුරැ කෝටිටෙි සහ දෙහිඅත්තකණ්ඩිය වැනි නගර ඒ ඇසුරෙන් බිහිවි ඇත.
- විකිර්ණ(විසිරිණු)ජනාවාස
රටාව නිවාස වෙනත් ගොඩනැගිලි විසිරී ගොස් හුදෙකලාව පවතින විට විකීර්ණ ජනාවාස ලෙස හැදින්වෙි.විස්තෘත ව්‍යාපාරික තිරිඟු වගාව,විස්තෘත ඉරිඟු වගාව වැනි විශාල ගොවිබිම් ආශ්‍රිතව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ මෙවැනි ජනාවාස පවතී.රාංචින් සත්ත්ව පාලනය නිසා ඇමෙරිකා එක්සත් ජනපදය,ආජන්ටිනාව සහ ඔස්ට්‍රේලියාව වැනි රටවල මෙවැනි ජනාවාසය බිහිවී ඇත.එමෙන්ම හිමාලය,ඇල්ප්ස් ප්‍රදේශවල බෝග වගාවට හා සත්ත්ව පාලනයට සුදුසු බිමි හිග වීම නිසා ගොවිපොළවල් දුරින් පිහිටා ඇත.
සමහර රටවල මුලින් පැවතුනු ආකීර්ණ ජනාවාස රටාව පසු කලක ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපාර නිසා විකීර්ණ රටාවක් බවට පත් විය.උද්‍ර බ්‍රසීලයේ සහ මෙක්සිකෝවේ කෘෂිකාර්මික කම්කරුවන්ට ඔවුන් වැඩ කළ වතු කොටස් කර දීමෙන් පසුව ඔවුන් එම ඉඩම් වල පදිංචියට යාම නිසා විකිර්ණ ජනාවාස රටාවක් ඇති විය.
3.කාර්යයන් අනුව බිහිවන ජනාවාස
රටක ආර්ථික කටයුතු ඇතුළු විවිධ කාර්යයන් අනුව ජනාවාස වර්ග කිරීම වඩාත් ප්‍රචලිත ක්‍රමයකි.ඒවා ග්‍රාමීය හෝ නාගරික විය හැකිය.එවැනි ජනාවාස වර්ග කීපයක් පහත දැක්වෙි.
1.වරාය ජනාවාස
වරායක් නිසා නගරය දියුණුවන අතර එහි සේවය කරන පිරිස වරාය ආශ්‍රිත ප්‍රදේශවල සේවකයෝ පදිංචි වුහ.උද්‍ර :ඉන්දියාවේ මුම්බායි,එංගලන්තයේ ඩෝවර්,එංගලන්තයේ ලීවර්පුල්
2.තොටුපොළ ජනාවාස
ගංගාවකින් එගොඩ මෙගොඩ වන ස්ථානයේ තොටුපොළ ජනාවාස බිහිවී ඇත.පසු කාලයේදී පාලමි ඉදිවී ප්‍රධාන මාර්ග පහසුකම් ලැබිය හැකිය.උද්‍ර :කළුගඟ ආශ්‍රිත කළුතර මහවැලි ගඟ ආශ්‍රිත කටුගස්තොට
3.ධීවර ජනාවාසය
කලපුව,බොක්ක වැනි වෙරළ ලක්ෂණ ආශ්‍රිතව ධීවර වරායවල් බිහිවීම සමඟ ඒ ආශ්‍රිත ධීවර ජනයා පදිංචි වීමෙන් ධීවර ජනාවාස බිහි වෙි.උද්‍ර :ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ ආශ්‍රිත ගන්දර,මිරිස්ස එක්සත් රාජධානියේ හල්,ග්‍රිමිස්බි,ඇබර්ඩින්
4.ආකර ජනාවාස
ගල් අඟුරු කෙත්,යපස් කෙත්,මිනිරන් පතල්,රන් ආකර,දියමන්ති ආකර නිසා ඒවා ආශ්‍රිතව කම්කරුවන් පදීංචි විමෙන් ජනාවාස බිහි වෙි.උද්‍ර :ශ්‍රී ලංකාවේ කහටගහ සහකොලොන් ගහ(මිනිරන් )ඉන්දියාවේ බොකාරෝ(ගල් අඟුරු )එක්සත් රාජධානියේ නොදමිබර්ලන්ඩි ගහ සහ ඩර්හැම් (ගල් අඟුරු )දකුණු අප්‍රිකාවේ කිබර්ලී(දියමන්ති )
5.වැව් ජනාවාස
ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ කැපී පෙනෙන ජනාවාස වර්ගයකි.වැව් ආශ්‍රිතව කෘෂිකාර්මික ජනයා පදීංචි වීමෙන් වැව් ගමිමාන බිහි වී ඇත.උද්‍ර :පදවිය,කන්තලේ,යෝධ වැව,මින්නේරිය,වැව් ගමිමානයක ප්‍රධාන සංරචක වන්නේ වැව,කුඹුරු ,හේන් ,වනාන්තරය සහ ගමිගොඩ
6.වතු ජනාවාස
තේ,රබර් ,කෝපි,උක්,කෙසෙල් ආදී නිවර්තන වැවිලි බෝග වගාව සමඟ කම්කරුවන් විශාල සංඛ්‍යාවක් පදිංචි විමෙන් වතු ජනාවාස බිහි වී ඇත.ශ්‍රී ලංකාවේ හැටන්,මස්කෙළිය වැනි නගර මෙසේ වර්ධනය විය.
7.වාණිජ නගර
වාණිජ කටයුතු වර්ධනය වීමත් සමඟ නාගරික ජනාවාස බිහි වෙි.බොහෝ විට මෙවැනි නගර වරාය දියුණුව නිසා තොග කඩනය(බඩු ගොඩ බෑම සහ පැටවීම)නිසා ප්‍රසිද්ධ වෙි.උද්‍ර :කොළඹ,මුම්බායි ,චිකාගෝ ,බෆලෝ,හොංකොං ,නිවියෝර්ක්,බැංකොක්
8.පරිපාලන නගර
රටක පරිපාලන කටයුතු සංකේන්ද්‍රණය වීම නිසා නගර බිහිවී ඇත.එවැනි ජනාවාසයක රටක නායකයින්ගේ මැති ඇමැතිවරුන්ගේ නිල නිවාස අමාත්‍යාංශ ගොඩනැගිලි රජයේ ප්‍රධාන කාර්යාල ආදිය ගොඩනැගේ.උද්‍ර :ශ්‍රී ලංකාවේ -ශ්‍රී ජයවර්ධනපුර කෝටිටෙි ඉන්දියාවේ -නව දිල්ලිය බ්‍රසීලයේ -බ්‍රසීලය ඔස්ට්‍රේලියාවේ -කැන්බරා
9.සේවා නගර
විවිධ සේවාවන් සැපයීම සමිබන්ධයෙන් ද නගර ප්‍රසිද්ධියටත් ජනාධික බවටත් පත්වී ඇත.උද්‍ර :සිංගප්පූරුව ,බැංකොක් ,ලොස් ඇන්ජලීස් ,ලන්ඩන් ,සුුරිචි
10.සංචාරක නගර (ප්‍රතිමෝදක නගර)
ආකර්ෂණීය පරිසරය,ප්‍රියමනාප දේශගුණය ආදී කරැණු නිසාද ජනාවාස බිහිවෙි.උද්‍ර:ශ්‍රී ලංකාවේ -නුවර එළිය ඉන්දියාවේ -සිමිලා ඇමෙරිකා එක්සත් ජනපදයේ -ලොස් ඇන්ජලීස්
11.කාර්මික නගර(නිෂ්පාදන නගර)
ලුහු කර්මාන්ත හෝ බැර කර්මාන්ත හෝ අධි තාක්ෂණික කර්මාන්ත හෝ ඒවා සියල්ලම නිසා කාර්මික නගර හෝ කාර්මික ජනපද බිහිවෙි.මෙවැනි නගරවල ජල විශාල ශ්‍රම පිරිසකට රැකියා සැපයේ.උඅ:ශ්‍රී ලංකාව - ඒකල ඉන්දියාව- ජැමිෂෙඩිපුර් එක්සත් රාජධානිය-බර්මින්හැමි
12.සංස්කෘතික නගර
දියුණු අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම ලොව පිළිබඳ විශ්ව විද්‍යාල නිසා ද ජනාවාසය බිහි වී ඇත.උද්‍ර :ශ්‍රී ලංකාවේ පේරාදෙණිය,එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සහ කේම්බ්‍රිජ් එසේම ආගමික කටයුතු නිසා පුජණීය තත්වයට පත්වු නගරද මෙම ගණයට අයත්වෙි.උද්‍ර :අනුරාධපුරය,බුද්ධගයාව ,වරණාසි(බරණැස ) මක්කම,මහනුවර
4.ග්‍රාමීය හා නාගරික බව
මෙය තවත් ප්‍රචලිත බෙදීමකි.ග්‍රාමීය ප්‍රදේශවල ඇති ජනාවාසය ගමි හෙවත් ග්‍රාමීය ජනාවාසය ලෙසත් නගර නාගරික ජනාවාසය ලෙසත් සැලකේ.ග්‍රාමීය ජනාවාස වල ජන ඝනත්වය අඩුයි.විශේෂයෙන් ප්‍රාථමික කටයුතු වල නියුක්ත ජනයා ජිවත් වෙති.ද්විතික හා තෘතීයික රැකියා කරන පුද්ගලයින් ජීවත් වුවද ඔවුහු විශාල වශයෙන් නගර කරා රැකියාව සඳහා දිනපතා ගමන් කරති.මෙවැන්නක ජනාවාස කොටස හා ආර්ථික කොටස වශයෙන් කොටස් දෙකකි. නාගරික ජනාවාසය ගමට වඩා විශාල වෙි.ජන සංඛ්‍යාවත්,ඝනත්වයත් ඉහළ මට්ටමක ඇත.වගා බිමි වෙනුවට ගොඩනැගිලි මංමාවත් ආදිය ද විවිධ කාර්යයන් ආදියද දක්නට ඇත.
1.ග්‍රාමීය ජනාවාසය
ලෝකයේ වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ ග්‍රාමීය ජනාවාසය වර්ගයයි.ග්‍රාමීය ජනාවාසය ආරම්භ වුයේ ගොවිතැන සමඟයි.නමුත් අතීතයේ පවා අස්ථාවර හෝ අර්ධ ස්ථාවර ජනාවාසය බිහි විය. ග්‍රාමීය ජනාවාසය රටාව අනුව වර්ග දෙකකි.
1.ආකීර්ණ ජනාවාසය -පොකුරක් හෝ කුඩා පොකුරු රැසක් ලෙස වර්ධනය වෙි.උද්‍ර :ශ්‍රී ලංකාවේ වැව් ගමිමාන
2.විකීර්ණ ජනාවාස-තනිව හෝ ගොඩනැගිලි දෙක තුනක් වශයෙන් පිහිටා ඇත.උද්‍ර :උතුරු ඇමෙරිකාවේ තිරිඟු තීරය ආශ්‍රිතව
ග්‍රාමීය ජනාවාසයක් ඇතිවීමට බලපාන සාධක
- භෞතික සාධක -භුවිෂමතා,පිහිටිම,දේශගුණය ,ස්වභාවික වෘක්ෂලතා
- ආර්ථික සාධක-බෝග වගාව,සත්ත්ව පාලනය,මසුන් මැරීම
- සමාජ හා සංස්කෘතික සාධක -ආගම,ජාතිකත්වය
- දේශපාලන සාධක -රජය විසින් බිහිකරන ගමිමාන උද්‍ර:ශ්‍රී ලංකාවේ ගොවි ජනපද
2.නාගරික ජනාවාස
සාපේක්ෂ වශයෙන් සීමිත බිම් ප්‍රමාණයක අධික ජන සංඛ්‍යාවක් විවිධ කාර්යයන් සදහා ඒකරාශි වී සිටින ජනාවාසය නගර වශයෙන් හදුන්වනු ලැබෙි.මෙිවායේ කාර්මික,වාණිජ,පරිපාලනය,අධ්‍යාපනික,සේවා ආදී විවිධ කාර්යයන් ඒකරාශි වී ඇත.ගොඩනැගිලි රාශියක් ඇති අතර ජන ඝනත්වය අධික වෙි.
නගර වර්ග
1.කුඩා නගර-Small Towns
මෙිවායේ ජන සංඛ්‍යාව 20000 වඩා අඩුයි.උද්‍ර :කෑගල්ල
2.මධ්‍යම ප්‍රමාණයේ නගර-Medium Towns
මෙිවායේ පුද්ගලයෝ 20000-100000 දක්වා ජිවත් වෙති.උද්‍ර :ගමිපහ,කළුතර ,මීගමුව
3.මහ නගර Cities
පුද්ගලයෝ 100000-1000000 දක්වා පදිංචි වී සිටිති.උද්‍ර :කොළඹ,මහනුවර ,ගාල්ල ,යාපනය
4.මිලියන නගර -Million Cities
පුද්ගලයෝ දශලක්ෂයේ(මිලියනය)සිට මිලියන 10(කෝටිය)දක්වා ජිවත් වෙති උද්‍ර :මදුරාසිය,බැංගලෝර්
5.දැවැන්ත නගර Megacities
මිලියන 10ට වැඩි ජන සංඛ්‍යාවක් ජීවත් වෙති.උද්‍ර :ටෝකියෝ ,මුම්බායි ,නිවියෝර්ක් ,ලෝස් ඇන්ජලීස් ,කොල්කටා,කයිරෝ,රියෝ ද ජැනෙයිරෝ ,බීජිං
Thank you.
ReplyDeleteGreat 👍